hit counter

2026 අප්‍රේල් මස 28 වන අඟහරුවාදා

2024 පෙබරවාරි 05, පෙ.ව. 9:21


ප්‍රධාන මාර්ගයක පාලමක් හදිසියේම කඩාවැටේ

අද (05) අලුයම ඇඹිලිපිටිය නගරයේ සිට තෝරකොළයාය හරහා මිද්දෙණිය දෙසට ඇති ප්‍රධාන මාර්ගයේ පිහිටා ඇති හුලංදා ඔය පාලම කඩා වැටී තිබෙනවා.

කොට පැටවූ ලොරි රථයක් පාලම හරහා ගමන් කරමින් තිබිය දී පාලම එලෙස කඩා වැටී ඇති බවයි, වාර්තා වන්නේ.

අනතුරින් ජීවිත හානි සිදුව නොමැති අතර, ඉහත මාර්ගයේ ගමන් ගන්නා රියදුරන්ට විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලීසිය දැනුම්දෙයි.