hit counter

2024 මැයි මස 15 වන බදාදා

2022 ඔක්‍තෝබර් 26, ප.ව. 8:26


පානදුර නොසන්සුන් – හේතුව දුම්රියක් (PHOTOS)

ධාවනය වෙමින් තිබූ දුම්රියක් මගීන් අපහසුතාවට පත්වන ලෙස  පැය භාගයකට ආසන්න කාලයක් නවතා ගෙන සිටීම නිසා පානදුර දුම්රිය ස්ථානයේ අද (26) රාත්‍රීයේ මගීන් සහ දුම්රිය කාර්‍ය මණ්ඩලය අතර උණුසුම් තත්වයක් ඇති වී තිබෙනවා.

මරදාන සිට දකුණු කළුතර දක්වා ධාවනය වෙමින් තිබූ මන්දගාමී දුම්රිය පස්වරු 6.30 පමණ  පානදුර දුම්රිය ස්ථානයට ලගා වුවද “තව ස්වලප වේලාවකින් ධාවනය වන” බවට නිවේදන නිකුත් කරමින් පැය භාගයකට ආසන්න කාලයක් දුම්රිය නවතා ගෙන සිටීම නිසා මගීහූ කෑ කෝ ගසමින් සිය විරෝධය පල කර තිබෙනවා.

එම දැඩි විරෝධය මධ්‍යයේ එම දුම්රිය කාර්මික දෝෂයකට ලක් ව ඇති බව නිවේදනය කිරීමත් සමඟ මගීන් හූ කියමින් සිය අප්‍රසාදය පල කළ බව වාර්තා වෙනවා.

මෑතක සිට බොහෝ  දින වල මරදාන සිට දකුණු කළුතර දකුණ බලා ධාවනය වන මෙම මන්දගාමී දුම්රිය නිකරුනේ පානදුර දුම්රිය ස්ථානයේ නවතා ගෙන සිටීම නිසා නිවෙස් බලා යන විශාල මගීන් පිරිසක් දැඩි අපහසුතාවට පත් වන බවත් බලධාරීන් මේ කෙරෙහි අවධානය යොමු කල යුතුව ඇති බවත් මගීන් චෝදනා කළා.