hit counter

2023 දෙසැම්‍බර් මස 02 වන සෙනසුරාදා

2023 නොවැම්‍බර් 21, ප.ව. 6:14


අයවැය 02 වර කියවීම වැඩි ඡන්දයෙන් සම්මතයි

2024 වසර සඳහා වන අයවැය දෙවන වර කියවීමේ විවාදයේ ඡන්ද විමසීම අද (21) පස්වරුවේ පාර්ලිමේන්තුවේදී පැවැත්වුණා.

එහිදී අයවැය ට පක්ෂව ඡන්ද 122ක් සහ විරුද්ධව ඡන්ද 77ක් හිමි වුණා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මුදල් අමාත්‍යවරයා ලෙස පසුගිය නොවැම්බර් මස 13 වනදා ලබන වර්ෂය සඳහා වූ අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා.

අයවැය තෙවන වර කියවීමේ විවාදය හෙට (22) දිනයේ සිට දෙසැම්බර් 13 වන දින දක්වා පැවැත්වීමට නියමිතය.