2022 මැයි 06, පෙ.ව. 10:36
අද පාර්ලිමේන්තු සභාවාරය උදෑසන 10.00ට ආරම්භ වුණා.
එහිදී ඊයේ පාර්ලිමේන්තුවේදී ස්වාධින කණ්ඩායමේ මොහොමඩ් මුසම්මිල් මන්ත්‍රීවරයා කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් විපක්ෂය සහ ස්වාධීන මන්ත්‍රී කණ්ඩායම අතර උණුසුම් කතාබහක් ඇති වුණා.
ඊයේ මුසම්මිල් මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ මව තීරු නඩේෂන් මහතාගේ නිවසේදී හමු වී සාකච්ජා කර ඇති බවයි.
එම ප්‍රකාශය සම්බන්ධයෙන් අද දින පාර්ලිමේන්තු රැස්වීම ආරම්භයේදී සමගි ජන බලවේගය මන්ත්‍රීවරුන් දැඩි විරෝධයක් පළ කරමින් කරුණු ඉදිරිපත් කළා.
ඊට ප්‍රතිවිරුද්ධව මොහොමඩ් මුසම්මිල් මන්ත්‍රීවරයා ද කරුණු ඉරිපත් කළා.
ඒත් සමගම පාර්ලිමේන්තුවේ උණුසුම් තත්වයක් ඇති වුණා.
සභාවාරය නතර කර තමා ඉවත්ව යන බවට කතානායකවරයා දැඩි අවවාදයක් විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට ලබා දුන්නා.
2026 අප්‍රේල් 21, ප.ව. 1:15
2026 අප්‍රේල් 16, ප.ව. 1:44
2026 අප්‍රේල් 05, ප.ව. 9:21
2026 අප්‍රේල් 05, ප.ව. 9:17
2026 අප්‍රේල් 02, පෙ.ව. 11:19