hit counter

2026 ජූනි මස 02 වන අඟහරුවාදා

2023 පෙබරවාරි 13, ප.ව. 7:20


විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරීම නවතී

බිඳවැටීමක් හේතුවෙන් දිවයින පුරා පිහිටි ආගමන විගමන දෙපාර්තමේන්තු කාර්යාල හරහා විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරීම තාවකාලිකව නවතා තිබෙනවා.

එම දෙපාර්තමේන්තුව පවසන්නේ එම දෝෂය නිවැරදි කිරීම සඳහා මේ වනවිට සියලු කටයුතු යොදා ඇති බවයි.

ආගමන විගමන දෙපාර්තමේන්තුවේ අන්තර්ජාල මෙහෙයුම් පද්ධතියේ ඇතිවූ තාක්ෂණික දෝෂයක් හේතුවෙන් මෙම බිඳ වැටීම සිදුව තිබෙනවා.

මේ අතර එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසන්නේ එක්දින සේවය හරහා විදෙස් ගමන් බලපත්‍ර ඉල්ලුම් කර ඇති පුද්ගලයින් සඳහා එම බලපත්‍ර ස්පීඩ් පෝස්ට් හරහා ලබාදීම සඳහා කටයුතු යොදා ඇති බවයි.