hit counter

2026 ජූනි මස 01 වන සඳුදා

2022 ජූනි 19, ප.ව. 10:16


පැතුම්ගෙන් ශතකයක්

ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඔස්ට්‍රේලියානු කණ්ඩායම සමග මේ වන විට පැවැත්වෙන තෙවන එක්දින ක්‍රිකට් තරගයේදී ශතකයක් වාර්තා කිරීමට පැතුම් නිශ්ශංක සමත් වුණා.

පැතුම් අද මෙලෙස වාර්තා කළේ සිය එක්දින ක්‍රිකට් දිවියේ මංගල ශතකයයි.

ශ්‍රී ලංකා කණ්ඩායම මේ වන විට පන්දුවාර 40ක් අවසානයේ එක් කඩුල්ලක් පමණක් දැවී රැස්කරගෙන සිටි ලකුණු සංඛ්‍යාව 228ක්.

පැතුම්ට අනගි සහයක් ලබාදෙමින් අනෙක් අන්තයේ පන්දුවට පහරදෙමින් සිටි කුසල් මෙන්ඩිස් නොදැවී ලකුණු 87 ක් රැස්කර ගෙන සිටියදී ආබාධයකට ලක් වුණා.