hit counter

2024 මැයි මස 15 වන බදාදා

2022 ජූනි 26, ප.ව. 3:37


හෙට සිට විදුලි කප්පාදුවේ වෙනසක්

හෙට (27) සිට ජුලි මස 3වනදා දක්වා දිනකට පැය 3ක විදුලි කප්පාදුවක් සිදු කරන බව මහජන උපයෝගිතා කොමිසම ප්‍රකාශ කළා.

ඒ අනුව A, B, C, D, E, F, G, H, I, J, K, L, P, Q, R, S, T, U, V, W යන කලාප සඳහා දිවා කාලයේ පැයයි මිනිත්තු 40ක කාලයක් සහ රාත්‍රී කාලයේ පැයයි මිනිත්තු 20 කාලයක් විදුලි කප්පාදුවක් සිදු වනවා.

කෙසේ වෙතත් ජූලි 2 සහ 3 දින හැර සෙසු දිනවල CC කාණ්ඩයට අයත් ප්‍රදේශ වලට විදුලිය කප්පාදු කෙරෙන්නේ පෙරවරු 6.00 සිට පෙරවරු 8.00 දක්වා පැය 2ක කාලයක් පමණයි.

මේ අතර ජූලි 2 සහ 3 දින හැර සෙසු දිනවල M,N,O,X,Y,Z කාණ්ඩය සඳහා උදෑසන 5.00 සිට 8.00 දක්වා පැය 3ක කාලයක් විදුලි කප්පාදුව සිදු කරන බව මහජන උපයෝගිතා කොමිසම සඳහන් කර තිබෙනවා.