hit counter

2026 සැප්‍තැම්‍බර් මස 08 වන අඟහරුවාදා

2023 ජූලි 04, පෙ.ව. 11:06


ප්‍රදේශ කිහිපයකට හදිසි විදුලි බිඳ වැටීමක්

මධ්‍යම කදුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශයට පවතින වැසි සහ සුළං තත්ත්වය හේතුවෙන් බගවන්තලාව සහ නොර්වුඩ් ප්‍රදේශවලට දින දෙකක් විදුලිබලය ඇණහිට තිබෙනවා.

ප්‍රදේශවාසින් පවසන්නේ පැවති සුළං තත්ත්වය හේතුවෙන් විදුලි රැහැන් කඩාවැටීමෙන් මෙලෙස විදුලිබලය ඇණහිට ඇති බවයි.

එම විදුලි රැහැන් පද්ධතිය යථා තත්ත්වයට පත්කිරීමට මේ වන විට කටයුතු කරමින් සිටින බව වාර්තා වෙනවා.

එමෙන්ම පවතින වැසි තත්ත්වය හමුවේ කාසල්රි ජලාශයේ ජල මට්ටමද පිටාර මට්ටමට ලඟාවී ඇති බවයි ජලාශ භාර ඉංජිනේරුවරයා සඳහන් කළේ.