hit counter

2026 මැයි මස 31 වන ඉරිදා

2022 මැයි 01, ප.ව. 2:22


හෙට සිට යළි විදුලි කප්පාදුවේ වෙනසක්

හෙට (02) සහ මැයි මස 04 වැනි දින දිවයින පුරා සිදු කෙරෙන විදුලි කප්පාදුව පිළිබඳ දැනුවත් කිරීමක් මහජන උපයෝගිතා කොමිසම විසින් සිදු කර තිබෙනවා.

ඒ අනුව එම දිනයන් දෙකෙහි දී දිවයින පුරා විදුලි කප්පාදුව සිදු කෙරෙන්නේ පැය 03 – විනාඩි 20ක කාලයක් පමණයි.

විදුලි කප්පාදුව සඳහා වර්ගීකරණය කරන ලද A, B, C, D, E, F, G, H, I, J, K, L, P, Q, R, S, T, U, V, W කලාපවල විදුලිය ඇනහිටින්නේ උදෑසන 09 සිට පස්වරු 05 අතර කාලය තුළ දෙපැයක් පමණක් වන අතර සෙසු පැයයි විනාඩි 20ක කාලය විදුලිය අක්‍රීය වන්නේ පස්වරු 05 සිට රාත්‍රී 09 තෙක් කාලයේ දි යි.