hit counter

2026 ජූනි මස 02 වන අඟහරුවාදා

2023 ජනවාරි 20, ප.ව. 4:13


ජනාධිපති ලේකම් කාර්යාලය අසළ උණුසුම් තත්වයක්

අද දහවල් නෙ‍ළුම් පොකුණ ඉදිරිපිටට රැස්වූ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලන විරෝධතාවට පොලිසියෙන් බාධා එල්ල වුණා.

පසුව එම පිරිස බස් රථවල නැගී ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට පැමිණි අතර එහිදීද විරෝධතාකරුවන් හා පොලිසිය අතර උණුසුම් තත්ත්වයක් ඇති වූ බව වාර්තා වෙනවා.

මේ වන විට විරෝධතාකරුවන්ගෙන් පිරිසක් මුදල් අමාත්‍යංශය ඉදිරිපිටත්, තවත් පිරිසක් ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිපිට විරෝධතා සඳහා වෙන් කළ ස්ථානයේත් රැඳී සිටින අතර තවත් පිරිසක් ලොටස් මාර්ගයට පිවිසුම් දොරටුව සමීපයේ රැඳී සිටින බව වාර්තා වෙනවා.