hit counter

2024 මැයි මස 15 වන බදාදා

2023 පෙබරවාරි 08, පෙ.ව. 10:23


නානුඔය රදැල්ල කෙටි මාර්ගය ගැන තීන්දුවක් ගනී

හැටන් නුවරඑලිය ප්‍රධාන මාර්ගයේ රදැල්ල කෙටි මාර්ගය හරහා ටොන් පහට වඩා බර අඩු වාහන වලට අද (08) සිට එම මාර්ගයේ රථ වාහන ධාවනයට මාර්ග සංවර්ධන අධිකාරියේ නුවරඑලිය දිස්ත්‍රික් භාර විධායක ඉංජිනේරුවරයා විසින් අවසර ලබා දි ඇති බව නානුඔය පොලිසියේ ස්ථානාධිපතිවරයා පැවසුවා.

2022.01.20 දින නානුඔය රදැල්ල කෙටි මාර්ගයේ සිදු වු බස් රථ අනතුරෙන් 07 දෙනෙකු මියගොස් 53 දෙනෙකු තුවාල ලැබිම හේතුවෙන් එම මාර්ගයේ බර වාහන ධාවනය ඊයේ (07) දක්වා තාවකාලිකව නතර කිරිමට නුවරඑලිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබඩ මහතා විසින් පියවර ගෙන තිබුණා.

බර වාහන ධාවනය නතර කල දින සිට එම මාර්ගයේ ගමන් ගත් බර වාහන සියල්ලම රදැල්ල කිරිමැටිය වට රවුම් මාර්ගයේ ධාවනය කරවිමට පොලිසිය පියවර ගෙන තිබුණා.

හැටන් නුවරඑලිය ප්‍රධාන මාර්ගයේ ධාවනය කරන සුපොගභෝගි බස් රථ හිමියන් වටරවුම් මාර්ගයේ බස් රථ ධාවනය කිරිම තුලින් තමන්ට පාඩු සිදු වන බවත්, එම බස් රථ වල ගමන් කරන්නේ නුවරඑලිය සහ හැටන් ප්‍රදේශවල රජයේ ආයතන වල සේවය කරන සේවකයින් නිසා ඔහුන්ට නිසි වේලාවට සේවා ස්ථානවලට යාමට නොහැකි නිසා ටොන් පහට වඩා අඩු වාහන පමණක් රදැල්ල කෙටි මාර්ගයේ සෙමින් සැලකිලිමත් ලෙස රිය ධාවනයට අවසර ලබාදෙන ලෙස මාර්ග සංවර්ධන අධිකාරියේ නුවරඑලිය දිස්ත්‍රික් විධායක ඉංජිනේරුවරයාගෙන් කල ඉල්ලිමක් මත එම ඉංජිනේරුවරයා විසින් මාර්ග සංවර්ධන අධිකාරියේ සැලසුම් අංශයේ නිලධාරින්ගේද නිර්දේශයක් මත ටොන් පහට වඩා බර අඩු වාහන වලට අද (08) දින එම මාර්ගයේ ධාවනයට අවසර ලබා දි තිබෙනවා.

ටොන් පහට වඩා වැඩි බර වාහන රදැල්ල කිරිමැටිය වටරවුම් මාර්ගයේ ධාවනය කිරිමටත් එය අධික්ෂණයට රථ වාහන පොලිස් නිලධාරින් රාජකාරියේ යොදවා ඇති බවයි නානුඔය පොලිසියේ ස්ථානාධිපතිවරයා පැවසුවා.