hit counter

2024 මැයි මස 16 වන බ්‍රහස්පතින්දා

2022 මැයි 19, පෙ.ව. 8:24


නිරිතදිග මෝසම ස්ථාපනය වෙයි – දිවයින පුරා වැසි

නිරිතදිග මෝසම දිවයින හරහා ස්ථාපනය වී ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව අද (19) දිනයේ බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ දකුණු පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව එම දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

සබරගමුව පළාතේත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ත් ඇතැම් ස්ථාන වලට මි.මී. 50ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බවත් උතුරු පළාතේ ත් අනුරාධපුර දිස්ත්‍රික්කයේ ත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බවත් එම නිවේදනයේ සඳහන්.

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත් උතුරු,උතුරු-මැද සහ වයඹ පළාත්වලත් හම්බන්තොට සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. (40-50) ක පමණ තද සුළං ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් නිවේදනය කරනවා.