hit counter

2024 මැයි මස 16 වන බ්‍රහස්පතින්දා

2022 අගෝස්‍තු 03, පෙ.ව. 9:53


ගිනිගත්හේන – නාවලපිටිය මාර්ගයේ ගමනාගමනය ඇන හිටී

ගිනිගත්හේන ප්‍රදේශයට ඊයේ (02) සිට ඇද හැලෙන අධික වර්ෂාවත් සමග ගිනිගත්හේන නාවලපිටිය ප්‍රධාන මාර්ගයේ ගිනිගත්හේන බගතුළුව ප්‍රදේශයෙන් ප්‍රධාන මාර්ගයට විශාල පස් කන්දක් කඩා වැටිමෙන් එම මාර්ගයේ ගමනාගමන කටයුතු අද (03) දින අලුයම සිට සම්පුර්ණයෙන්ම ඇණ හිට ඇති බව ගිනිගත්හේන පොලිසිය පැවසුවා.

පස් කන්ද කඩා වැටී ඇති ස්ථානයට ඉහලින් පිහිටි තවත් පස්කදු කිහිපයක් කඩා වැටීමේ දැඩි අවධානමක් පවතින නිසා ප්‍රධාන මාර්ගයට කඩා වැටුණු පස් කන්ද ඉවත් කිරිම අවධානම් ඉතා සෙමින් සිදු කරන බවයි ගිනිගත්හේන පොලිසිය කියා සිටියේ.

විකල්ප මාර්ග කිසිවක් නොමැති බවත්, ප්‍රධාන මාර්ගයට කඩා වැටුණු පස් කන්ද ඉවත් කරන තෙක් එම මාර්ගයේ රථ වාහන ගමනා ගමනය නොකරන ලෙස ගිනිගත්හේන පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටියි.

හැටන් – රංජිත් රාජපක්ෂ