hit counter

2024 මැයි මස 15 වන බදාදා

2023 ඔක්‍තෝබර් 01, ප.ව. 5:57


ක්‍රිකට් ජාත්‍යන්තර ක්‍රීඩා සම්බන්ධීකරණ කමිටුවට විජයදාසගේ පුත් පත් කරයි

ක්‍රිකට් ජාත්‍යන්තර ක්‍රීඩා සම්බන්ධීකරණ කමිටුව සඳහා සාමාජිකයින් ක්‍රීඩා අමාත්‍යවරයා විසින් පත්කර තිබෙනවා.

ඒ පසුගිය සැප්තැම්බර් 26 වෙනිදා යි. අමාත්‍යංශය විසින් මේ පිළිබඳව අද (01) නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවේ සංවර්ධනය, ස්වාධීනත්වය සහ විනිවිදභාවය ආරක්ෂා කිරීම සඳහා මෙම පත් කිරීම් සිදුකළ බවයි.

මෙම කමිටුවට තිදෙනෙක් පත් කර ඇති අතර ඒ අතරින් එක අයෙකු වන්නේ අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යවරයාවන ජනාධිපති නීතිඥ, ආචාර්ය විජයදාස රාජපක්ෂගේ පුත් නීතීඥ රඛිත නිර්මල රාජපක්ෂ යි. අනෙක් සාමාජිකයින් දෙදෙනා වන්නේ ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කළ හිටපු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක සිදත් වෙත්තමුණි සහ ක්‍රිකට් පාලක මණ්ඩලයේ හිටපු සභාපතිවරයෙකු වූ උපාලි ධර්මදාස යි.

මේ ක්‍රීඩා අමාත්‍යංශය විසින් මේ පිළිබඳව නිකුත් කළ නිවේදනයයි.

“ක්‍රිකට් ජාත්‍යන්තර ක්‍රීඩා සම්බන්ධීකරණ කමිටුව සදහා සාමාජිකයින් පත් කරයි.

ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවේ සංවර්ධනය, ස්වාධීනත්වය සහ විනිවිදභාවය ආරක්ෂා කිරීම සඳහා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය, ක්‍රීඩා අමාත්‍යාංශය අතර සම්බන්ධීකරණය පවත්වාගෙන යාම, සන්නිවේදනය කිරීම සඳහා ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩා සම්බන්ධීකරණ කමිටුවේ සාමාජිකයින් ලෙස පහත නිළධාරීන් තිදෙනා පත් කිරීමට ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පියවර ගෙන තිබේ.

1. සිදත් වෙත්තමුණි මහතා – සභාපති

2. රඛිත නිර්මල රාජපක්ෂ මහතා – ලේකම්

3. උපාලි ධර්මදාස මහතා – සාමාජික

1973 අංක 25 දරණ ක්‍රීඩා පනතේ (සංශෝධිත) 39 (3), 40 සහ 41 වගන්තිවලට අනුව සහ එහි සම්පාදනය කරන ලද රෙගුලාසිවලට අනුව හා අංක 2351/7 දරන 2023.09.25 දින ප්‍රකාශ කරන ලද ගැසට් පත්‍රයට අනුව 2023.09.26 වැනිදා සිට නැවත දැනුම් දෙන තුරු ක්‍රිකට් ක්‍රීඩාවේ ජාත්‍යන්තර ක්‍රීඩා සම්බන්ධීකරණ කමිටුවේ සාමාජිකයන් ලෙස මෙම නිළධාරීන් කටයුතු කරනු ඇත.

මාධ්‍ය අංශය

ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශය