hit counter

2026 ජූනි මස 02 වන අඟහරුවාදා

2023 මැයි 08, පෙ.ව. 10:31


චාල්ස් රජුගේ රාජාභිෂේකට ගිය ජනපති යළි දිවයිනට

එංගලන්තයේ චාල්ස් රජුගේ රාජාභිෂේක උත්සවයට සහභාගී වීම සදහා එරටට ගොස් සිටි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (08) උදෑසන කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි බව ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා සනාථ කළා.

ජනාධිපතිවරයා සමග එරට උත්සවය සදහා ගොස් සිටි දූත පිරිස ද එම ගුවන් යානයෙන්ම පැමිණ සිටි බවයි වාර්තා වන්නේ.

ඔවුන් අද උදෑසන 08.30 ට ඩුබායි සිට එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 650 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණා.