hit counter

2024 මැයි මස 15 වන බදාදා

2023 ජූලි 26, ප.ව. 7:04


13 ගැන ජනපතිගෙන් විශේෂ ප්‍රකාශයක්

13 වන ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව ද්‍රවිඩ පක්ෂ මන්ත්‍රීවරුන් සමඟ පමණක් සාකච්ඡා කිරීම ප්‍රමාණවත් නොවන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

ජනාධිපති ලේකම් කාර්යාලයේදී දැන් පැවැත්වෙන සර්ව පාක්ෂික සමුළුව අමතමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කර තිබෙනවා.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කර ඇත්තේ 13 වන ව්‍යවස්ථා සංශෝධනය සමස්ථ රටටම බලපාන කාරණයක් බැවින් සියලු පාර්ශ්ව සමඟ සාකච්ඡා කිරීම තම ස්ථාවරය බවයි.

ජාතික සංහිඳියා වැඩසටහන සහ උතුර- නැගෙනහිර සංවර්ධන සැලැස්ම පිළිබඳ පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂ නායකයින් දැනුවත් කිරීම සඳහා කැඳවනු ලැබූ සර්ව පාක්ෂික සමුළුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී මීට සුළු මොහොතකට පෙර ආරම්භ වුණා.