hit counter

2024 මැයි මස 30 වන බ්‍රහස්පතින්දා

2022 මැයි 15, ප.ව. 8:40


අගමැති හෙට ජාතිය අමතයි

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හෙට (16) ජාතිය ඇමතීමට නියමිතයි.

නිදහස් ශ්‍රී ලංකාවේ 26 වන අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම් දීමෙන් අනතුරුව රනිල් වික්‍රමසිංහ මහතා ජාතිය අමතන ප්‍රථම අවස්ථාව මෙයයි.

වර්තමානයේ ශ්‍රී ලංකාව මුහුණ දී තිබෙන අර්බුදයේ සත්‍ය ස්වරූපය මෙන්ම අර්බුදය විසඳා ගෙන නැවත ශක්තිමත් ශ්‍රී ලංකාවක් ගොඩ නගන වැඩපිළිවෙළ සම්බන්ධයෙන් මෙහිදී අග්‍රාමාත්‍යවරයා කරුණු හෙළි කරනු ඇතැයි අග්‍රාමාත්‍ය කාර්යාල ආරංචි මාර්ග සඳහන් කරයි.