hit counter

2024 මැයි මස 15 වන බදාදා

2022 ජූනි 22, ප.ව. 7:49


රැට්ටා ඇතුළු සැකකරුවන් රිමාන්ඩ්

කොළඹ – කොටුව සහ තලංගම ප්‍රදේශවල පසුගිය මස 6 සහ 9 වනදා ඇතිවූ කළහකාරී සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් රතිඳූ සේනාරත්න නොහොත් රැට්ටා ඇතුලු සැකකරුවන් 7 දෙනෙකු ලබන ජුලි මස පළමුවනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.

මෙම සැකකරුවන් අද (22) පෙරවරුවේ නීතිඥයෙකු මාර්ගයෙන් මරදාන පොලීසියට භාරවීමෙන් අනතුරුවයි අත්අඩංගුවට ගනු ලැබුවේ.

පසුගිය මස 6 වනදා සහ 9 වනදා කොළඹ කොටුව සහ තලංගම ප්‍රදේශවල සිදුකළ විරෝධතාවලින් අනතුරුව ඇති වූ නොසන්සුන්කාරි සිද්ධීන්වලට අදාළව රතිඳු සේනාරත්න හෙවත් රැට්ටා, අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ ඇතුලු 9 දෙනෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් අධිකරණය පොලිසියට පසුගියදා නියෝග කරනු ලැබුවා.