hit counter

2026 ජූනි මස 02 වන අඟහරුවාදා

2023 මාර්තු 05, ප.ව. 6:42


18 වංගුවේ එක් මංතීරුවක් විවෘත කෙරේ

තාවකාලිකව වසා දමා තිබූ මහනුවර මහියංගනය 18 වංගුව මාර්ගයේ එක් මංතීරුවක් ගමනාගමනය සඳහා යළි විවෘත කර තිබෙනවා.

ඊයේ (04) රාත්‍රියේ මෙම මාර්ගය තාවකාලිකව වසා දැමුණේ පැවති අයහපත් කාළගුණ තත්ත්වයත් සමග මාර්ගයට ගල් සහ පස් කඳු කඩා වැටීම හේතුවෙන්.

එම මාර්ගයේ 13 සහ 14 වංගු අතර කොටසටයි මෙලෙස පස්කඳු කඩා වැටී අවහිර වී තිබුණේ.

ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාගේ උපදෙස් පරිදි අද (05) පෙරවරුවේ සිට මාර්ගයේ අවහිර වූ කොටසේ පවතින ගල් සහ පස් ඉවත් කිරීමේ කටයුතු ආරම්භ කෙරුණා.