hit counter

2023 මාර්තු මස 28 වන අඟහරුවාදා

2023 මාර්තු 17, පෙ.ව. 10:34


ගාල්ල – යක්කලමුල්ල පාරේ වාහන ගමනාගමනය නවතී
WhatsApp
Telegram

ධාරාණිපාත වර්ෂාවත් සමඟ යක්කලමුල්ල නගරය ආසන්නයේ පිහිටි පස් කන්දක් නාය යාම නිසා යක්කලමුල්ල ගාල්ල ප්‍රධාන මාර්ගයේ රථ වාහන ධාවනය යක්කලමුල්ල ප්‍රදේශයෙන් ඇණහිට ඇති බව යක්කලමුල්ල පොලීසිය පවසනවා.

ඊයේ (16) පස්වරුවේ ඇතිවු ධාරාණිපාත වර්ෂාවත් සමඟ යක්කලමුල්ල පොලිසියට මායිම්ව ඇති මෙම පස් කණ්ඩිය නාය යාමට ලක්ව මාර්ගය අවහිර වි තිබුණා.

විශාල ගස් අධිබලැති විදුලි රැහැන් හා දුරකථන කුළුණු මතට කඩා වැටිම නිසා මාර්ගය සම්පුර්ණයෙන්ම අවහිර වී තිබෙනවා.

රථවාහන සදහා විකල්ප මාර්ග වලින් හරවා යැවීමට පොලිසිය මගින් කටයුතු කර තිබෙනවා. 

පොලීසිය, ප්‍රදේශිය සභාව, ප්‍රාදේශිය ලේකම් කාර්යාලය, ආපදා කළමණාකරණ ඒකකය ඇතුළු රාජ්‍ය ආයතන එක්ව මාර්ගයට වැටි ඇති ගස් සහ පස් ඉවත් කිරිමට කටයුතු කරමින් සිටින බව පොලිසිය පවසනවා.