hit counter

2026 අප්‍රේල් මස 28 වන අඟහරුවාදා

2022 අප්‍රේල් 20, පෙ.ව. 8:53


විරෝධතාවයක් නිසා ගාලු පාර බලපිටියෙන් හිර වෙයි

ඉන්ධන මිල ඉහළ යාමට එරෙහිව පැවැත්වෙන විරෝධතාවක් නිසා ගාලු පාර – බලපිටිය ප්‍රදේශයෙන් මුළුමනින්ම අවහිර වී තිබෙන බව ඒෂියන් මිරර් වාර්තාකරු සඳහන් කළා.

මාර්ගය හරහා මෝටර් රථ දෙකක් සහ බස් රථයක් හරස් කරමින් ප්‍රදේශවාසීන් මෙලෙස විරෝධතාවයේ නිරත වන බවයි වාර්තා වන්නේ.

එමෙන්ම, ඉන්ධන මිලට එරෙහිව බදුල්ල – පස්සර මාර්ගයේ 8 කණුව මංසන්ධියේ ද ප්‍රදේශවාසීන් පිරිසක් මේ වන විට විරෝධතාවයක නිරත වන බවද ඒෂියන් මිරර් වාර්තාකරු සඳහන් කළා.