hit counter

2026 ජූනි මස 02 වන අඟහරුවාදා

2023 පෙබරවාරි 14, පෙ.ව. 10:30


මහේස්ත්‍රාත් හිර කර සුපිරි රිය පැහැර ගත් තරුණයා කොටු වෙයි

කුලියාපිටිය මහෙස්ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු අමිල සම්පත් ආරියසේන මහතාගේ මෝටර් රථය කොල්ලකෑ සැකකරු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 27 හැවිරිදි වියේ පසුවන පුද්ගලයෙක්.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා පැවසුවේ සැකකරු වත්තල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇති බවයි.