hit counter

2026 අප්‍රේල් මස 28 වන අඟහරුවාදා

2024 අප්‍රේල් 28, ප.ව. 4:03


මූල්‍ය වංචාවකට ජනප්‍රිය නළුවෙක් අත්අඩංගුවට

ඉන්දීය ජනප්‍රිය නළුවෙකු වන සාහිල් ඛාන්ව එරට පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ ඔට්ටු ඇල්ලීමේ යෙදවුමක් හරහා මූල්‍ය වංචා සිදුකිරීමට අදාළ චෝදනාවකට ඔහුව මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙනවා.

“මහාදේව්” නමැති අදාළ ඔට්ටු ඇල්ලීමේ යෙදවුම ප්‍රවර්ධනය සඳහා ද ඔහු පෙනී සිට ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කර ඇත.

 සැකකාර නළුවා මුම්බායි සිට පළාගොස් සිටියදී එරට ආරක්ෂක අංශ විසින් පැය 40ක මෙහෙයුමකින් අනතුරුව ඔහුව අත්අඩංගුවට ගත් බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.