hit counter

2024 මැයි මස 15 වන බදාදා

2022 සැප්‍තැම්‍බර් 15, ප.ව. 4:14


රුපියල් ලක්ෂ 3 දඩය ගෙවූ පසු සක්විති රණසිංහ හා බිරිඳ මුදා හරී

අධිකරණය විසින් ඊයේ නියම කරන ලද රුපියල් ලක්ෂ 03 ක දඩ මුදල ගෙවූ පසු ප්‍රක්‍රට උපකාරක පංති ගුරුවරයෙකු වන සක්විති රණසිංහ හෙවත් චන්දන වීරකුමාර හා ඔහුගේ බිරිඳ වන කුමාරි අනුරාධිණි යන විත්තිකරුවන් දෙදෙනා මුදා හැරීමට කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා මහතා අද නියෝග කළා.

නීතිඥ රවීන්ද්‍ර සෙනරත් මහතා මාර්ගයෙන් එම විත්තිකරුවන් දෙදෙනා විවෘත අධිකරණය හමුවේ පෙනි සිටියා.

විනිසුරුවරයා වැඩිදුරටත් නියෝග කර සිටියේ දඩ මුදල් ගෙවීමෙන් අනතුරුව නඩු කටයුත්ත අවසන් කිරීම සඳහායි. 

2010 අගෝස්තු 06 වැනිදා හෝ ඊට ආසන්න දිනයකදී වත්තලදී එලුවේලෙයි තංගවේලු නමැත්තා නමින් ඉන්දියාවේ බැංකු ආයතන කිහිපයක් විසින් නිකුත් කරන ලද ගෝල්ඩ් වීසා අන්තර්ජාතික ණය කාඩ්පත් කිහිපයක් හා අවිධිමත් විදේශ ගමන් බලපත්‍ර කිහිපයක් සන්තකයේ තබා ගැනීම ඇතුළු අධිචෝදනා සඳහා වරද පිළිගැනීමෙන් අනතුරුව වරදකරු බවට පත්කොට සක්විති රණසිංහට වසර 05 කට අත්හිටවූ සිර දඬුවම්  ඊයේ නියම කරනු ලැබුවා.