hit counter

2026 අප්‍රේල් මස 26 වන ඉරිදා

2023 මාර්තු 13, ප.ව. 2:46


සරණ ගුණවර්ධනට ඇප

හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධන මහතා වෙත අධි චෝදනා පත්‍ර භාරදීමෙන් අනතුරුව ඔහුව ඇප මත මුදාහරින ලෙස කොළඹ මහාධිකරණය අද (13) නියම කළා.

සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපතිවරයා වශයෙන් කටයුතු කරමින් සිටියදී එහි වාහන අවභාවිතා කිරීම සම්බන්ධයෙන් ඒ මහතාට මෙලෙස අධිචෝදනා භාරදී තිබෙනවා.

එහිදී සරණ ගුණවර්ධන මහතා රුපියල් ලක්ෂ 10ක පුද්ගලික ඇප දෙකක් මත මුදාහරින ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු මහේන් වීරමන් මහතා මෙලෙස නියෝග කර තිබෙනවා.