2022 දෙසැම්‍බර් 08, ප.ව. 3:40
අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ඌව පළාතේ පාසල් 26ක් අද (08) වසා තැබීමට පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ ඩී.එම්.රත්නායක මහතා කටයුතු කර තිබෙනවා.
එම පළාතට ඊයේ ඇති වූ සුළං සහ වැසි තත්ත්වය හේතුවෙන් නිවාස සහ ප්‍රදේශයේ මාර්ග වලට ගස් කඩා වැටී තිබෙනවා. ඒ අනුව පස්සර අධ්‍යාපන කලාපයේ සිංහල සහ දෙමළ පාසල් 20 ක් බිබිල කලාපයේ පාසල් 3 ක් සහ මොනරාගල කලාපයේ පාසල් 3 ක් මෙලෙස වසා දැමුණා.
මීට අමතරව පස්සර – කනවරැල්ල මංසන්දියේ සිට නමුණුකුල ක්ලබ් හන්දිය දක්වා කොටස සම්පූර්ණයෙන්ම වසා දැමුණේ මාර්ගයට ගස් කඩා වැටීම හේතුවෙන්.
2026 අගෝස්තු 01, පෙ.ව. 2:44
2026 ජූනි 25, පෙ.ව. 9:09
2026 මැයි 25, පෙ.ව. 11:20
2026 මැයි 22, ප.ව. 1:09
2026 මැයි 22, ප.ව. 12:42