hit counter

2023 මාර්තු මස 28 වන අඟහරුවාදා

2023 මාර්තු 18, ප.ව. 2:44


අප්‍රේල් පාසල් නිවාඩුව ලැබෙන්නේ මෙහෙමයි
WhatsApp
Telegram

2023 පළමු පාසල් වාරයේ 1 වන අදියරේ පාසල් නිවාඩුව අප්‍රේල් 5 වන දා සිට 16 දක්වා ක්‍රියාත්මක වන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසනවා.

අනතුරුව පළමු පාසල් වාරයේ දෙවන අදියර අප්‍රේල් 17 වන සඳුදා ආරම්භ වීමට නියමිත අතර එම අදියර මැයි 12 වන සිකුරාදා දක්වා පැවැත්වෙනවා.

දෙවන අදියරේ නිවාඩුව සාමාන්‍ය පෙළ විභාගය සඳහා මැයි 13 වන දින සිට මැයි 24 වන දා දක්වා ක්‍රියාත්මක කෙරෙන බව අධ්‍යාපන අමාත්‍යංශය පැවසුවා.

එම අමාත්‍යංශය සඳහන් කළේ, පළමු පාසල් වාරයේ තෙවන අදියර මැයි 25 වන බ්‍රහස්පතින්දා සිට ජූලි 20 බ්‍රහස්පතින්දා දක්වා ක්‍රියාත්මක කෙරෙන බවයි.

පසුව තෙවන අදියරේ නිවාඩුව ජූලි 21 වන දා සිට ජූලි 23 වන දා දක්වා ලබා දෙන බව අධ්‍යාපන අමාත්‍යංශය වැඩිදුරට ත් පැවසීය.

දෙවන සහ තෙවන වාර ක්‍රියාත්මක වන ආකාරය සම්බන්ධයෙන් ද එම අමාත්‍යංශය දැනුම් දී ඇති අතර එය පහතින්,