2023 මැයි 15, පෙ.ව. 11:23
පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් දකුණු පළාතේ කලාප කිහිපයක පාසල් අද (15) වසාදමා තිබෙනවා.
එම ප්‍රදේශයන්ට ඊයේ (14) සිට ඇදහැලෙමින් පවතින අධික වර්ෂාව හේතුවෙන් පාසල් රැසක් ජලයෙන් යට වී ඇතැ බවයි අප වාර්තාකරුවන් පැවසුවේ.
ඒ අනුව මොරවක අධ්‍යාපන කලාපයට (දෙනියාය) අයත් මොරවක හා කොටපොල කොට්ඨාශවල ඇති සියලුම පාසල් අද දින වසා ඇති බව මොරවක (දෙනියාය) කලාප කාර්යාලය නිවේදනය කරයි.
මොරවක අධ්‍යාපන කලාපයට (දෙනියාය) අයත් පස්ගොඩ කොට්ඨාසයේ ඌරුබොක්ක ජාතික පාසල හා පට්ටිවෙල කනිටු විදුහල හැර අනිකුත් සියලුම පාසල් අපදා තත්ත්වය හේතුවෙන් අද දින වසා තැබෙන බව මොරවක (දෙනියාය) කලාප කාර්යාලය සඳහන් කළා.
මුලටියන අධ්‍යාපන කලාපයේ තිහගොඩ කොට්ඨාසයට අයත් කිතලගම නැගෙනහිර හා බටහිර පාසල් ද අද දින වසා තැබෙන බව මුලටියන කලාප කාර්යාලය කියා සිටියේය.
අකුරැස්ස අධ්‍යාපන කලාපයේ අකුරැස්ස සහ මාලිම්බඩ කොට්ඨාසවලට අයත්වන දියලපේ කනිටු විදුහල, අතුරලිය මහ විද්‍යාලය,පහුරන්විල කනිටු විදුහල හා පරදුව කනිටු විදුහල ද අද දින වසා තැබේ.
මේ අතර පහත සඳහන් පාසල් ද අද දින වසා තැබෙන බව අප වාර්තාකරුවන් පැවසීය.
01.මාර/දෙයියන්දර ජාතික පාසල
02.මාර/දෙයියන්දර ප්‍රාථමික විද්‍යාලය
03.මාර/මාකඳුර මධ්‍ය මහා විද්‍යාලය
04.මාර/මාකඳුර ප්‍රාථමික විද්‍යාලය
05.මාර/සීනිපැල්ල ප්‍රාථමික විද්‍යාලය
06.මාර/කැටියපේ උතුර ප්‍රාථමික විද්‍යාලය
07.මාර/කොරඹුරුවාන මහා විද්‍යාලය
08.මාර/මීපාවිට ප්‍රාථමික විද්‍යාලය
2026 අප්‍රේල් 21, ප.ව. 1:15
2026 අප්‍රේල් 16, ප.ව. 1:44
2026 අප්‍රේල් 05, ප.ව. 9:21
2026 අප්‍රේල් 05, ප.ව. 9:17
2026 අප්‍රේල් 02, පෙ.ව. 11:19