hit counter

2026 අප්‍රේල් මස 28 වන අඟහරුවාදා

2023 මැයි 16, පෙ.ව. 7:31


වැලිගම වෙඩිතැබීමකින් අයෙක් මරුට

යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පිය පුතු දෙපළකට එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් පියා මියගොස් පුතා තුවාල ලබා ඇතැයි පොලිසිය පවසනවා.

වැලිගම – අකුරැස්ස මාර්ගයේ පිටදෙණියේදීයි මෙම වෙඩි ප්‍රහාරය එල්ල වි ඇත්තේ.

ඔවුන් ගමන් ගත් යතුරු පැයි පිටුපසින් හඹා ආ නාදුනන තුවක්කුකරුවකු වෙඩි ප්‍රහාරය එල්ල කොට පළා ගොස් තිබෙනවා.

වෙඩි වැදීමෙන් පියා එම ස්ථානයේදීම මිය ගොස් තිබෙනවා.

එසේ මියගොස් ඇත්තේ කමල් චමින්ද නැමැත්තෙකි ඔහුගේ දේහය මාතර මහ රෝහලේ තැන්පත් කර තිබෙනවා.

මියගිය පියා සමග පැමිණි පුතු යතුරුපැදියෙන් පැන දිව යද්දී ඔහුට ද වෙඩි ප්‍රහාරයක් එල්ල කර ඇති අතර එම වෙඩි ප්‍රහාරයෙන් බරපතළ තුවාල ලබා අසාධ්‍ය තත්ත්වයෙන් මාතර මහ රෝහල ඇතුළත් කර තිබෙනවා.

වැලිගම පොලීසිය පරීක්ෂණ පවත්වනවා.