2022 සැප්‍තැම්‍බර් 14, ප.ව. 10:21
කැලණිය පට්ටිය හන්දිය ප්‍රදේශයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
ස්කූටර් වර්ගයේ යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් මාර්ගයේ ගමන්කළ පුද්ගලයෙක්ට මෙලෙස වෙඩි තබා ඇති බවයි මේ වනවිට අනාවරණය වී ඇත්තේ.
පොලීසිය පවසන්නේ ජීවිතක්ෂයට පත්ව ඇති පුද්ගලයාගේ අනන්‍යතාවය මෙතෙක් තහවුරු වී නොමැති බවයි.
කැලණිය පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබෙනවා.
2026 අප්‍රේල් 21, ප.ව. 1:15
2026 අප්‍රේල් 16, ප.ව. 1:44
2026 අප්‍රේල් 05, ප.ව. 9:21
2026 අප්‍රේල් 05, ප.ව. 9:17
2026 අප්‍රේල් 02, පෙ.ව. 11:19