hit counter

2026 සැප්‍තැම්‍බර් මස 09 වන බදාදා

2022 නොවැම්‍බර් 23, ප.ව. 6:22


උදේ ඇප ලැබුණු සිරිධම්ම හිමි හවස යළිත් රිමාන්ඩ්

කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණ විසින් අද (23) ඇප මත මුදාහරින ලද ගල්වැව සිරිධම්ම හිමි යළි රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

ඒ, උන් වහන්සේ කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරවයි.

පොලිසිය ඉදිරිපත් කළ මෝසමක් අනුව වෙනත් නඩුවක් සඳහා බන්ධනාගාර නිලධාරීන් ගල්වැව සිරිධම්ම හිමි කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

ඒ අනුව, ගල්වැව සිරිධම්ම හිමි දෙසැම්බර් 6 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.