hit counter

2026 ජූලි මස 14 වන අඟහරුවාදා

2024 දෙසැම්‍බර් 12, ප.ව. 3:11


සජබ ඉතිරි ජාතික ලැයිස්තු මන්ත්‍රි ධූර මෙන්න

සමගි ජන බලවේගයේ පුරප්පාඩු ජාතික ලැයිස්තු මන්ත්‍රි ධූර 04 සදහා නම් මැතිවරණ කොමිෂන් සභාව වෙත යොමු කර තිබෙනවා.

ඒ අනුව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිවරු වන දමිළ ප්‍රගතිශීලි සන්ධානයේ නායක මනෝ ගනේෂන් , සුජීව සේනසිංහ සහ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ ලේකම් නිෂාම් කාරියප්පර් සහ සමස්ථ ලංකා මහජන කොංග්‍රසයේ මොහොමඩ් ස්මයිල් මුත්තු මොහොමඩ්ගේ නම් මෙලෙස යොමු කර තිබෙන බව සඳහන්.

පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයේ සමගි ජන බලවේගයට ජාතික ලැයිස්තු මන්ත්‍රි ධූර 05 ක් හිමිවූ අතර, එක් ධූරයක් සදහා පක්ෂ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර පත් කෙරුණා.