hit counter

2026 ජූනි මස 03 වන බදාදා

2023 ජූනි 20, පෙ.ව. 10:45


ගුවන්විදුලි සංස්ථා සේවකයෝ විරෝධතාවයක

ස්වෙච්ඡා වන්දි ලබා ගැනීමේ ක්‍රමයේ ගැටලු බව පවසමින් ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථා සේවකයෝ විරෝධතාවයක නිරතවී සිටින බව ඒෂියන් මිරර් වාර්තාකරු සඳහන් කළා.

රජයේ මාධ්‍ය ආයතන වල දැනට ක්‍රියාත්මක කිරීමට යෝජනා කර ඇති ස්වෙච්ඡාවෙන් වන්දි ලබාගෙන සේවය විශ්‍රාම ගැන්වීමේ ක්‍රමවේදය අනුවශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව තුළ අද දිනයේ වන්දි ලබාදීමට ක්‍රමවේද සලසා තිබුණත් එහි අඩුපාඩු පෙන්වා දෙමින් ගුවන්විදුලි සංස්ථා සේවකයෝ අද ගුවන්විදුලි සංස්ථාව ඉදිරිපිට විරෝධතාවක් ආරම්භ කළා.

විරෝධතාවයට නිරත වූ ගුවන් විදුලි සංස්ථා සේවකයින් පවසන්නේ සේවකයන් අඩු කර සංස්ථාව ඉදිරියට යෑමට ගන්නා ක්‍රියාමාර්ගවලට තමන් ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වූ බවත් කෙසේ වෙතත් වන්දි ලබාදීමට අද චෙක්පත් සකස් කර තිබුණත් යම් යම් අඩුපාඩු පෙන්වමින් එම චෙක්පත් නිකුත් කිරීම තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර ඇති බවත්ය.