2024 පෙබරවාරි 03, ප.ව. 2:48
ශ්‍රී ලංකාවේ 76 වන ජාතික නිදහස් දින උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වීම සදහා තායිලන්තයේ අග්‍රාමාත්‍ය ස්‍රෙතා තවිසින් ( Srettha Thavisin) මහතා අද (03) දහවල් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියා.
එතුමා සමග දූත පිරිස ලෙස එරට උසස් නිලධාරීන් 33 දෙනෙකු ද පැමිණ සිටියා.
ඔවුන් රාජකීය තායි ගුවන් හමුදාවට ( Royal Thai Air Force ) අයත් ආර්.ටී.ඒ.එෆ්.- 244 දරන විශේෂ ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියා.
මෙම පිරිස පිළිගැනීම සදහා අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන , විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය , සෞඛ්‍ය අමාත්‍ය රමේෂ් පතිරණ ඇතුළු පිරිසක් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියා.
තායිලන්ත අග්‍රාමාත්‍යවරයා සිය ගුවන් යානයෙන් බැස , කටුනායක ගුවන් තොටුපොළ රන් සමරු පොතේ ( Golden Book ) සටහනක් තැබීමට ද කටයුතු කළා.
තායිලන්ත අග්‍රාමාත්‍යවරයා අසනීප තත්වයෙන් පසු වන නිසා උදෑසන ශ්‍රී ලංකා ජාතික නිදහස් දින උත්සවයට සහභාගී වීමෙන් අනතුරුව හෙට (04) උදෑසන 09.20 ට ඔවුන් පැමිණි රාජකීය තායි ගුවන් හමුදාවට අයත් ගුවන් යානයෙන්ම ආපසු තායිලන්තයේ බැංකොක් නුවර බලා පිටත්ව යාමට නියමිතයි.