hit counter

2026 ජූනි මස 01 වන සඳුදා

2022 ජූනි 21, පෙ.ව. 9:15


රැකියාවට විදෙස්ගත වන වයස් සීමාව පහළ දමයි

ගෘහ සේවය ආශ්‍රිත රැකියා සඳහා විදෙස්ගත වන ලාංකික කාන්තාවන්ගේ අවම වයස අවුරුදු 21 ක් ලෙස සංශෝධනය කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබෙනවා.

ශ්‍රී ලාංකික කාන්තාවන් සඳහා ගෘහ හා ගෘහ ආශ්‍රිත විදේශ රැකියාවක නිරත වීම සඳහා දැනට පවතින අවම වයස් සීමාව සෞදි අරාබිය සඳහා අවුරුදු 25 ක් ද අනෙකුත් මැදපෙරදිග රටවල් සඳහා අවුරුදු විසිතුනක් ද අනෙකුත් රටවල් සඳහා අවුරුදු විසි එකක් ද වනවා.