hit counter

2024 ජූලි මස 26 වන සිකුරාදා

2023 නොවැම්‍බර් 03, ප.ව. 7:36


සීනි සඳහා උපරිම සිල්ලර මිලක්

සීනි සඳහා උපරිම සිල්ලර මිලක් නියම කරමින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව සුදු සීනි පැකට් නොකළ කිලෝ ග්‍රෑම් එකක් සඳහා රුපියල් 275ක් සහ පැකට් කළ කිලෝ ග්‍රෑම් එකක් සඳහා රුපියල් 295ක උපරිම සිල්ලර මිලක් නියම කර තිබෙනවා.

එසේම දුඹුරු සීනි පැකට් නොකළ කිලෝ ග්‍රෑම් එකක් සඳහා රුපියල් 330ක් සහ පැකට් කළ කිලෝ ග්‍රෑම් එකක් සඳහා රුපියල්350ක උපරිම සිල්ලර මිලක් නියම කර තිබෙනවා.

ඒ අනුව මෙම මිල ගණන් අද (03) සිට ක්‍රියාත්මක වනු ඇත.