hit counter

2026 ජූනි මස 02 වන අඟහරුවාදා

2022 සැප්‍තැම්‍බර් 24, ප.ව. 3:51


විරෝධතාවයකට පොලීසියෙන් කඳුළු ගෑස් ප්‍රහාරයක්

සමාජවාදී තරුණ සංගමය විසින් කොළඹදී සංවිධානය කර තිබූ විරෝධතාවකට පොලීසිය කඳුළු ගෑස් සහ ජල ප්‍රහාරයක් එල්ලකර තිබෙනවා.

ලිප්ටන් වටරවුම අසලින් ආරම්භ වී ඩීන්ස් පාර ඔස්සේ මරදාන දෙසට ගමන් කළ විරෝධතා පාගමන වැළැක්වීම සඳහා පොලීසිය මෙලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය ඉදිරිපිටදී කඳුළු ගෑස් සහ ජල ප්‍රහාරය එල්ල කළ බවයි වාර්තා වන්නේ.

“අරගලයට නව ජවයක් – තරුණ බලය යළි කොළඹට” මැයින් සංවිධානය කර ඇති මෙම විරෝධතා පාගමන කොටුව දුම්රිය ස්ථානය දක්වා ගමන් කිරීමට නියමිතව තිබුණා.

https://youtu.be/7cUaKIo629k