hit counter

2026 නොවැම්‍බර් මස 09 වන සඳුදා

2023 මැයි 21, ප.ව. 4:59


අපවත් වී වදාළ දොඩම්පහල චන්දසිරි මහනාහිමියන්ගේ ආදාහන පූජෝත්සවයේ වැඩ කටයුතු ඇරඹේ

අපවත්වී වදාළ ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහනායක අතිපූජ්‍ය දොඩම්පහල චන්දසිරි මහනාහිමියන්ගේ ආදාහන පූජෝත්සවයේ වැඩ කටයුතු මේ වන කොළඹ නිදහස් චතුරශ්‍ර පරිශ්‍රයේදී ආරම්භ වී තිබෙනවා.

ආදාහන පූජෝත්සවයේ වැඩ කටයුතු සිදුකෙරෙන්නේ පූර්ණ රාජ්‍ය ගෞරව සහිතවයි.

රාජගිරිය ගෝතම තපෝවනයේ සිට රිය පෙරහරකින් දේහය, නිදහස් චතුරස්‍රයට වැඩම කළ අතර පසුව ත්‍රිවිධ හමුදාව විසින් දේහය භාරගනු ලැබුවා.