hit counter

2024 ජූලි මස 26 වන සිකුරාදා

2022 මැයි 09, ප.ව. 7:19


තිස්ස කුට්ටිගේ සහ රමේෂ්ගේ නිවෙස් වලටත් ප්‍රහාර

බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතාගේ නිවසට ද ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.

අනතුරුව ජනතාව විසින් ඔහුගේ නිවසට ගිනි තැබීමට ද කටයුතු කර ඇතැයි අප වාර්තාකරු පැවසුවා.

මේ අතර අධ්‍යාපන සහ වැවිලි කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ නිවසට ද ගිනි තබා තිබෙනවා.

අප වාර්තාකරු සඳහන් කළේ, ගාල්ල, කිතුලම්පිටිය පිහිටි අමාත්‍යවරයාගේ නිවසට මෙලෙස ගිනි තබා ඇති බවයි.