hit counter

2026 ජූනි මස 01 වන සඳුදා

2022 ජූලි 07, පෙ.ව. 9:31


ටෝකන් නිසා හැටන් ඉන්ධන පිරවුම්හලක උණුසුම් තත්ත්වයක්

හැටන් නගරයේ පිහිටි අයි.ඕ.සි ඉන්ධන පිරවුම්හලකට අද (07) දින එම සමාගම විසින් නිකුත් කෙරුණු පෙට්‍රල් ලිටර් 6600ක් පාරිභෝගිකයන්ට නිකුත් කිරිම සදහා හැටන් පොලීසිය විසින් විශේෂ වැඩපිලිවෙලක් දියත් කර තිබෙනවා.

යතුරුපැදි සදහා එක් පෝලිමක්, ත්‍රිරෝද රථ සහ අනෙකුත් පෙට්‍රල් වාහන තවත් පෝලිමක්, විදුලි ජනක යන්ත්‍ර සදහා තවත් පෝලිමක් වශයෙන් සකස් කර ඉන්ධන නිකුත් කිරිමට පියවර ගෙන තිබුණා.

පෝලිම් වල රැදි සිටි පිරිසට හැටන් පොලිසියේ නිලධාරින් විසින් පිළිවෙලට ටෝකන්පත් නිකුත් කිරිමේදි පෝලිමෙන් පිටත සිටි පිරිසක් ටෝකන්පත් ලබා ගැනිමට උත්සහ කිරීමේදි දෙපාර්ශවය අතර දැඩි උණුසුම් තත්ත්වයක් ඇති වූ බවයි ඒෂියන් මිරර් වාර්තාකරු සඳහන් කළේ.