hit counter

2026 ජූනි මස 02 වන අඟහරුවාදා

2022 ඔක්‍තෝබර් 27, ප.ව. 3:38


ටවුන් හෝල් අවට දැඩි රථ වාහන තදබදයක්

දැනට අත්අඩංගුවට ගෙන රැඳවුම් නියෝග මත සිටින සිටින අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ සහ පූජ්‍ය ගල්වැව සිරිධම්ම හිමියන් නිදහස් කරන ලෙස ඉල්ලා මේ වන විට නාරාංහේන්පිට පිහිටි ත්‍රස්ත විමර්ශන ඒකකය ඉදිරිපිට විරෝධතාවක් ආරම්භ කර තිබෙනවා.

අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය සහ තවත් සිවිල් සංවිධාන කිහිපයක් එක්ව යි මෙම විරෝධතාව ආරම්භ කර ඇත්තේ.

මේ අතර විරෝධතා පා ගමනක් හේතුවෙන් මේ වනවිට කොළඹ ටවුන් හෝල් අවට ප්‍රදේශයේ දැඩි රථවාහන තදබදයක් හටගෙන තිබෙනවා.