2022 අගෝස්‍තු 25, ප.ව. 5:17
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ධාවනය වු 1007 මගී ප්‍රවාහන දුම්රිය පීලි පැනීමෙන් උඩරට දුම්රිය ධාවන කටයුතු වලට බාධා පැමිණ ඇති බව නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය පැවසුවා.
රොසැල්ල සහ හැටන් දුම්රිය ස්ථාන දෙක අතර 106 ¼ සැතපුම් කණුව අසලදි අද (25) දින පස්වරු 4.00ට පමණ එම දුම්රියේ නැරඹුම් මැදිරිය පීලි පැන ඇති බවයි දුම්රිය පාලක මැදිරිය කියා සිටියේ.
පීලි පැනීමට ලක් වු දුම්රිය නැරඹුම් මැදිරිය සෙසු මැදිරිවලින් ගලවා ඉවත් කර දුම්රිය බදුල්ල දක්වා ධාවනය කිරිමට දුම්රිය පාලක මැදිරිය පියවර ගෙන තිබෙනවා.
බදුල්ල සිට කොළඹ දක්වා ධාවනය වු 1008 මගි ප්‍රවාහන දුම්රිය දුම්රිය පීලි පැනීම හේතුවෙන් දුම්රිය ස්ථානයේ නතර කර තිබෙනවා.
පීලි පැනීමට ලක් වු මගී ප්‍රවාහන දුම්රියේ නැරඹුම් මැදිරිය පිලිගත කිරිමේ කටයුතු කඩිනමින් ආරම්භ කරන බව පාලක මැදිරිය පැවසුවා.
හැටන් – රංජිත් රාජපක්ෂ
2026 මැයි 25, පෙ.ව. 11:20
2026 මැයි 22, ප.ව. 1:09
2026 මැයි 22, ප.ව. 12:42
2026 මැයි 08, පෙ.ව. 9:42
2026 මැයි 08, පෙ.ව. 9:05
20-01-26
20-01-26
22-12-25
22-12-25
01-11-25
01-11-25
26-10-25
26-10-25
09-10-25
09-10-25
08-10-25
08-10-25
08-10-25
08-10-25
30-09-25
30-09-25
30-09-25
30-09-25
25-09-25
25-09-25
23-09-25
23-09-25
18-09-25
18-09-25