hit counter

2024 මැයි මස 15 වන බදාදා

2022 ඔක්‍තෝබර් 28, ප.ව. 6:15


බදුල්ල කොළඹ දුම්රිය පීලි පනී

බදුල්ල සිට කොළඹ දක්වා ධාවනය වු 1008 මගි ප්‍රවාහන දුම්රියේ නැරඹුම් මැදිරිය පීලි පැනීම නිසා උඩරට දුම්රිය මාර්ගයේ ධාවන කටයුතු වලට බාධා පැමිණ ඇති බව නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය පැවසුවා.

අද (28) දින පස්වරු 4.30 ට පමණ මෙම දුම්රිය පිලි පැන ඇත්තේ හැටන් සහ රොසැල්ල දුම්රිය ස්ථාන දෙක අතර, හැටන් මල්ලිඅප්පුව 105/75 සැතපුම් කණුව අසලදියි.

පිලි පැන ඇති නැරඹුම් මැදිරිය  ගලවා ඉවත් කර දුම්රිය එන්ජිම සහ සෙසු දුම්රිය මැදිරි කොළඹ කොටුව දක්වා ධාවනය කිරිමට දුම්රිය පාලක මැදිරිය පියවර ගෙන තිබෙනවා.

පිලි පැනිමට ලක් වු දුම්රිය නැරඹුම් මැදිරිය පිලිගත කරන තෙක් උඩරට දුම්රිය මාර්ගයේ ගමනා ගමනයට බාධා පැමිණ ඇති බව දුම්රිය පාලක මැදිරිය පැවසුවා.

පිලි පැන ඇති දුම්රිය පිලිගත කිරිමේ කටයුතු කඩිනමින් සිදු කරන බවද දුම්රිය පාලක මැදිරිය පැවසුවා.