hit counter

2024 මැයි මස 15 වන බදාදා

2022 දෙසැම්‍බර් 27, ප.ව. 12:02


මරදාන – දෙමටගොඩ අතර දුම්රිය නවතී

මරදාන සහ දෙමටගොඩ දුම්රිය ස්ථාන අතර වර්ණ සංඥා දෝෂයක් හේතුවෙන් දුම්රිය රැසක් මේ වන විට එම දුම්රිය ස්ථාන දෙක නතර කර ඇති බවත් වර්ණ සංඥා දෝෂය යථා තත්ත්වයට පත් කිරීමට සේවකයන් කටයුතු කරමින් සිටින බවත් දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියකු පැවැසුවා.

එම නවතා ඇති දුම්රියවල සිටින ජනතාව මෙම තත්වය හේතුවෙන් දුම්රියෙන් බැස පා ගමනින් ඉවත්ව යන බවත් කෙටි කාලයකින් වර්ණ සංඥා දෝෂය යථා තත්ත්වයට පත්කරන බවත් එම උසස් නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළා.