2023 මාර්තු 13, පෙ.ව. 8:24
කොළඹ කොටුව සිට අනුරාධපුරය බලා ධාවනය වු යාල්දේවි නගරාන්තර සීඝ්‍රගාමී දුම්රිය ඔරුගොඩවත්ත දුම්රිය පාලම ආසන්නයේ දි පීලිපැනීමකට ලක්ව තිබෙනවා.
දුම්රිය මැදිරි දෙකක් මෙලෙස පීලිපැනීමට ලක්ව ඇති බව දුම්රිය ප්‍රධාන පාලක මැදිරිය සඳහන් කළේ.
මේ හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ දුම්රිය ධාවන කටයුතුවලට බාධා එල්ල වී ඇති බවද ප්‍රධාන පාලක මැදිරිය පැවසුවා.
ඒ අනුව කොළඹට පැමිණෙන දුම්රිය කිහිපයක යම් ප්‍රමාදයන් සිදුවිය හැකි බව වාර්තා වෙනවා.
මේ අතර පීලිපැනීමට ලක්වු යාල්දේවි දුම්රිය පීලි ගත කිරීමේ කටයුතු මේ වන විට ආරම්භ කර ඇති බවද දුම්රිය ප්‍රධාන පාලක මැදිරිය සඳහන් කළා.
2026 අප්‍රේල් 21, ප.ව. 1:15
2026 අප්‍රේල් 16, ප.ව. 1:44
2026 අප්‍රේල් 05, ප.ව. 9:21
2026 අප්‍රේල් 05, ප.ව. 9:17
2026 අප්‍රේල් 02, පෙ.ව. 11:19