hit counter

2024 මැයි මස 15 වන බදාදා

2023 සැප්‍තැම්‍බර් 11, ප.ව. 4:20


දුම්රිය වර්ජනය අවසන්

කොළඹ දුම්රිය අංගන 05හි සේවයේ නියතු දුම්රිය ධාවනාගාර පයින්ඩුකරුවන් හා තාක්ෂණික ශිල්පීන් විසින් ආරම්භ කර තිබූ වැඩ වර්ජනය අවසන් කර තිබෙනවා.

මාස කිහිපයක සිට දුම්රිය අංගනවල සේවයේ නියතු දුම්රිය සේවකයන්ගේ දිරි දීමනා ගෙවීම සිදු නොකිරීම මත එම සේවකයන් අද දින උදෑසන මෙලෙස වෘත්තීය ක්‍රියාමාර්ගයක අවතීර්ණය වුණා.

ඒ හේතුවෙන් උදෑසන 10න් පසුව ධාවනය වීමට නියමිතව තිබූ දුම්රිය ගමන් වාර 6ක් අවලංගු කිරීමටයි දුම්රිය දෙපාර්තමේන්තුවට සිදුවුණේ.

ඒ අනුව කොළඹ කොටුව සිට මහනුවර බලා පෙරවරු 10.40ට ගමන් ආරම්භ කළ ටිකිරි මැණිකේ දුම්රිය ද ඊට ඇතුළත් වුණා.

අදාළ සේවකයින් සහ දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා සමග මේ සම්බන්ධයෙන් සාකච්ඡාවක් පවත්වා ඇති අතර එහිදි එකඟ වී ඇත්තේ අදාළ දීමනාව මෙම මස 25 වැනි දින ගෙවීමට පොරොන්දු වන බවයි.

එම පොරොන්දුව මත අද පස්වරු 02.30ට පමණ එම වෘත්තීය ක්‍රියාමාර්ගය අවසන් කිරීමටයි එම සේවකයින් තීරණය කර ඇත්තේ.

කෙසේවෙතත් උදෑසන සහ දහවල් ධාවනය වූ දුම්රිය, ප්‍රමාද වීම සහිතව ධාවනය වූ අතර ඉන් පස්වරුවේ ධාවනය වන දුම්රියය විශාල බලපෑමක් එල්ල නොවන බවයි දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ.