hit counter

2024 මැයි මස 16 වන බ්‍රහස්පතින්දා

2023 ඔක්‍තෝබර් 05, පෙ.ව. 7:22


අදත් කාර්‍යාලීය දුම්රිය රැසක් අවලංගු වෙයි

දුම්රිය වැඩ වර්ජනය හේතුවෙන් අද (05) උදෑසන කාර්යාල දුම්රිය රැසක් අවලංගු විය හැකි බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපර්තම්නේතුව පැවසුවේ සෙසු දුම්රිය සියල්ල ප්‍රමාද වී ධාවනය විය හැකි බවයි.

දුම්රිය නියාමකවරයකු සහ ආරක්ෂකයකු අතර දුම්වැටියක් සම්බන්ධයෙන් මතුවූ ආරවුලක් දුරදිගයාමෙන් ආරම්භ කළ වර්ජනයක් නිසා කාර්යාල දුම්රිය ගමන්වාර 78 නතර කිරීම හේතුවෙන් දහස් සංඛ්‍යාත පිරිසක් ඊයේ (04) දැඩි අසීරුතාවට පත් වූවා.