hit counter

2025 පෙබරවාරි මස 09 වන ඉරිදා

2024 අප්‍රේල් 15, ප.ව. 3:45


කොළඹ කොටුවේදී කෝච්චියක් වේදිකාව කඩාගෙන ගිහින් (VIDEO)

කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් පස්වරු 02.35ට හලාවට බලා ධාවනය කිරීමට නියමිත වූ දුම්රිය, ගමන් ආරම්භ කිරීම සඳහා පළමුවැනි වේදිකාවට ඇතුළත් කිරීමේ දී, දුම්රිය නියමිත ස්ථානයේ දී නවතා ගැනීමට එහි කාර්‍යමණ්ඩලය අපහොසත් වීම හේතුවෙන් වේදීකාව ද කඩාගෙන ගොස් නැවතී ඇත.

එම අනතුර හේතුවෙන් කිසිවකුට හෝ තුවාල සිදුව නොමැති අතර, දුම්රියේ ඉදිරි කොටස හා වේදිකාවේ කොටසකට හානී වී තිබෙනවා.

දුම්රිය ගමනාගමන කටයුතු සඳහා මෙය ගැටලුවක් නොවන අතර මේ සම්බන්ධයෙන් දුම්රිය දෙපාර්තමේන්තු මට්ටමෙන් පරික්ෂණයක් සිදුකිරීමට නියමිතයි.