hit counter

2026 ජූනි මස 01 වන සඳුදා

2022 මැයි 10, ප.ව. 2:12


ත්‍රිකුණාමලේ නාවික හමුදා කඳවුර විරෝධතාකරුවන් වටලයි

ත්‍රිකුණාමලයේ පිහිටි නාවික හමුදා කදවුර ඉදිරිපිට මේ වන විට විරෝධතාවයක් පැවැත්වෙන බව වාර්තා වෙනවා.

හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු පවුලේ පිරිස එහි රැඳී සිටින්නේ යැයි විරෝධතාකරුවන් කියා සිටිනවා.

මෙම පිරිස වහා ඉන් එලියට දමන ලෙස ඉල්ලමින් විරෝධතාකරුවෝ විරෝධයේ යෙදෙනවා.

එම කදවුර ආසන්නයේ මේ වන විට ආරක්‍ෂවද තර කර තිබෙනවා.