2022 නොවැම්‍බර් 18, පෙ.ව. 9:58
ට්විටර් සමාගමේ සියලු කාර්යාල ගොඩනැගිලි වහා ම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව වසා දමන බව සේවකයන්ට දැනුම් දී තිබෙනවා.
සේවකයන්ට දැනුම් දී ඇත්තේ, ලබන සඳුදා කාර්යාල නැවත විවෘත කරන බව යි.
විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර ඇත්තේ, විවිධ මාධ්‍යවල පුවත්පත් හෝ වෙනත් ස්ථානවල රහස්‍ය සමාගම් තොරතුරු සාකච්ඡා කිරිමෙන් වලකින ලෙස ද සේවකයන්ගෙන් ඉල්ලීමක් කර ඇති බව යි.
මේ අතර, ට්විටර් සමාගමේ නව හිමිකරු වන ලොව ධනවත්ම පුද්ගලයා වන ඉලොන් මස්ක්, එම සමාගමේ සේවකයන් වෙත තවත් ඊමේල් පණිවුඩයක් යවා ඇති බව සඳහන්.
ඉන් ඔහු දන්වා ඇත්තේ, ට්විටර් සේවකයින් දිනකට වැඩි වෙලාවක් දැඩි කැපවීමකින් යුතු ව වැඩ කළ යුතු බවත් නැත හොත් ඔවුන් සමාගමෙන් ඉවත්ව යා යුතු බවත් ය.
විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ, සමාගමේ රැඳී සිටීමට කැමති සේවකයින් ඊට අදාළ ව ප්‍රතිඥාවක් දීමට එකඟ විය යුතු බව මස්ක් සේවකයින්ට දන්වා ඇති බව යි.
විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ, සමාගමේ රැඳී සිටීමට කැමති සේවකයින් ඊට අදාළ ව ප්‍රතිඥාවක් දීමට එකඟ විය යුතු බව මස්ක් සේවකයින්ට දන්වා ඇති බව යි.
එම ප්‍රතිඥාවට සිය එකඟතාව පළ නො කරන සේවකයින් ව මාස තුනක වැටුප් ගෙවා සේවයෙන් ඉවත් විය හැකි බව මස්ක් පවසනවා.
“සාර්ථක වීම සඳහා අපි දැඩි ලෙස කැපවිය යුතුයි” යනුවෙන් ඔහු තම සේවක මණ්ඩලයට දන්වා ඇති බව ද සඳහන්.
2026 අප්‍රේල් 21, ප.ව. 1:15
2026 අප්‍රේල් 16, ප.ව. 1:44
2026 අප්‍රේල් 05, ප.ව. 9:21
2026 අප්‍රේල් 05, ප.ව. 9:17
2026 අප්‍රේල් 02, පෙ.ව. 11:19